FAST NEWS

24×7 Around the Globe

කුකුළු මස් කිලෝවක මිල රුපියල් 600 ඉක්මවීමට යයි..

කර්මාන්තය සදහා පිරිවැය ඉහල යාම හේතුවෙන් කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ඉක්මවනු ඇති බවට සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපල හිමියන්ගේ සංගමය පවසන ලදි.

මෙම උත්සව සමයේදී කුකුළු මස් කිලෝවක් රුපියල් 600 ආසන්න මට්ටමින් අලෙවි වන අතර එය රුපියල් 600 ඉක්මවනු ඇති බව සංගමයේ සභාපති රසික සමන්පි‍්‍රය මහතා පැවැසීය.

මේ අතර රජය විසින් කුකුළු මස් සදහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පසුගියදා ඉවත් කරනු ලැබුවේ කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම සලකමිනි.