FAST NEWS

24×7 Around the Globe

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක්..

ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලිකාරි තත්ත්වය හේතුවෙන් මාතර සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

සුළං බස්නාහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වන බවද වාර්තා වේ.

විශේෂයෙන් පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර වේගයකින් තාවකාලික තද සුළං හමා යා හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ.

මේ නිසා මුහුද රළු විය හැකි අතර, ඒ සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.