FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක මූල්‍යාධාර..

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක මූල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය එළැඹ තිබේ.

මෙම ගිවිසුම්  අප්‍රේල් මස 06 වැනි දින මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපතිතවරයා ඉදිරියේදී අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන සඳහා යූරෝ මිලියන 30ක්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා යූරෝ මිලියන 12ක්ද ලබාදීමට එකඟතාවය ඇති කරගෙන මෙම ගිවිසුම අත්සන් කර තිබේ.

(ADS)