FAST NEWS

24×7 Around the Globe

වත්මන් ආණ්ඩුව ගැනත් දෙමළ ජනතාව කලකිරීලා – ආර්.සම්බන්ධන්..

වත්මන් ආණ්ඩුවද පසුගිය ආණ්ඩුව මෙන් දෙමළ ජනතාවගේ ගැටළු කෙරෙහි විසඳුම් ලබා දීමට කටයුතු කර නොමැති බවත් එහෙයින් දෙමළ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමෙන් පසුවන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

වව්නියාව නැදුන්කේනි ප්‍රදේශයේ ඉදි කළ නිවාස 150ක් අවතැන් ජනතාව වෙත බෙදා දීමේ උත්සවයට එක් වෙමින් ආර්. සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේය.

වර්තමාන ආණ්ඩුව පත්වී වසර දෙකක කාලයක් පසු වුවද අතුරුදන් වූවන්ගේ ගැටළු සඳහා මෙතෙක් විසඳුම් ලබා නොදීම කණගාටුවට කරුණක් බවත් දෙමළ ජනතාවගේ ගැටළු වලට ආණ්ඩුව කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බව ආර්. සම්බන්ධන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

(ADS)