FAST NEWS

24×7 Around the Globe

සමයං ඝාතන සිද්ධියේ ත්‍රිපුද්ගල වාර්තාව එයි..

කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ ත්‍රිපුද්ගල කමිටු විමර්ශන වාර්තාව මෙම මස අගදී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාට භාරදීමට නියමිත බව වාර්තා වේ.

ඉකුත් පෙබරවාරි මස 27 දා එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු, පාතාල නායක රණා‍ලේ සමයං ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ත්‍රිපුද්ගල කමිටුව විසින් එම ප්‍රහාරය සම්බන්ධව සකස් කරන ලද වාර්තාවේ සියලු කටයුතු අවසන් වී ඇති බවත්, එය මුද්‍රණය කර මේ මාසයේ අගදී අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බව කමිටුවේ සභාපති රූමි මර්ෂූක් මහතා මාධ්‍ය වෙත පැවසීය.

(ADS)