FAST NEWS

24×7 Around the Globe

ජී. එස්‌. පී. දෙන්න යුරෝපා නියෝජීතයෝ දිවයිනට එති..

ශ්‍රී ලංකාව ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාගැනීමට අදාළ සුදුසුකම් සපුරා තිබේදැයි සොයා බැලීමට යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක්‌ ඊයේ (10 වැනිදා) දිවයිනට පැමිණියහ.

යුරෝපා සංගමයේ නෙදර්ලන්ත නියෝජිතවරියක වන ඈන් මාරි මිනෝදර් මහත්මිය ඇතුළු නියෝජිත පිරිස ඊයේ කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඔවුන් පිළිගනු ලැබුවේ නිදහස්‌ වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස්‌, ලංකා වෙළෙඳ කාර්මික හා පොදු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්‌ටර් ජයකොඩි යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිත පිරිසකි.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ඉදිරිපත් කර ඇති ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාගැනීම සඳහා වූ විවාදය මෙම මස 19 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවරදී ආරම්භ වේ.

(ADS)