FAST NEWS

24×7 Around the Globe

‘GMOA වැඩ කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුවයි..’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වන වෘත්තීය සමිතියක් බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සයිටම් ආයතන සම්බන්ධයෙන් ගැටළුවට මැදිහත්වීමට එම සංගමයට කිසිඳු අයිතියක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා  දෙයි.

හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.