FAST NEWS

24×7 Around the Globe

අගමැති ජපානයේ නිල සංචාරයකට හෙට පිටත්ව යයි…

අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ නිල සංචාරයක් සඳහා හෙට(10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

අග්‍රමාත්‍යවරයා ජපාන සංචාරයේ දී එරට අග්‍රමාත්‍ය ෂිං ෂෝ අබේ මහතා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජතාන්ත්‍රික සබඳතා ඉහළ නංවා ගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදුවේ.

අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද සංචාරයට එක්වන බව වාර්තා වේ.