FAST NEWS

24×7 Around the Globe

මැයි 01 සිට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා එන මන්ත්‍රී ලැයිස්තු අන්තර්ජාලයට..

ලබන මැයි මස පළමු වැනි දා සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන සියලුම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් අන්තර්ජාලයට යොමු කිරීමට පියවර ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර තිබේ.

කතානායකවරයා ඊට මන්ත්‍රීවරුන්ගේ කැමැත්තද විමසා ඇති අතර ඊට සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමිව තිබේ.

මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අමැතිවරුන්ගෙන් අසා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා බහුතර ඇමැතිවරුන් පිරිසක් නොපැමිණීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ කරුණු දැක්වීමකට පිළිතුරු දෙමි කතානායකවරයා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී මෙ බව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධව ඉදිරියේදී අගමැතිවරයා දැනුම්වත් කර විසඳුමක් දීමට කටයුතු කරන බවද කතානායකවරයා කීවේය.

(ADS)