සයිටම් වෛද්‍ය විද්‍යාල සම්බන්ධ ගැටලුවට වහා විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (07) එක්දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එක්වෙයි.
අද උදෑසන 8.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍යවරුන් ඇතුළු ආයුර්වේද වෛද්‍යවරු පැය 24ක මෙම වැඩවර්ජනයට එක්වෙති.
වෘත්තීය සමිති 66ක් සහ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළුව විශ්වවිද්‍යාල සිසුන් අද දහවල් 12.00ට ජාතික රෝහල අසලින් ආරම්භ කරන සයිටම් විරෝධී පාගමනට හා අනතුරුව කොටුව දුම්රියපොළ අසලදී පවත්වන දැවැන්ත ජන රැලියට එක්වීමට නියමිතය.
වර්ජනය ක්‍රියාත්මක වන කාලය තුළ මාතෘ රෝහලේ ළමා රෝහල් සහ මහරගම පිළිකා රෝහල ඇතුළුව ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයට එක් නොවූවත් සයිටම් පිළිබඳ ආණ්ඩුව දිගින් දිගටම ගෙන යන ප්‍රතිපත්තිය තුළ අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් සඳහා යන්නේද යන්න අද පස්වරු 4.00ට තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය සංගම් රැසක් වැඩවර්ජනයට සහාය දක්වමින් පාගමනට හා ඉන් අනතුරුව කොටුව දුම්රිය ස්ථානය අසලදී පවත්වන මහජන රැලියට එක්වීමට නියමිතව ඇත.
රජය සයිටම් අර්බුදය විසඳීමට ක්‍රියා නොකළහොත් රෝගී ජීවිත සම්බන්ධ වගකීම රජය භාරගත යුතු බවත් රජයේ ප්‍රතිචාර මත වර්ජනය අඛණ්ඩව ගෙන යනවාද නැද්ද යන්න තීරණය කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
(ADS)