FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය අත්හිටුවන ලෙස හෘද රෝගියකුගෙන් අධිකරණයට පෙත්සමක්..

හෙට (07) පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය තහනම් කරමින් වාරණ නියෝගයක් දෙන්නැයි ඉල්ලමින් හෘද රෝගියකු අද (06) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

එය සලකා බැලූ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුධීර නිශ්ශංක මහතා වාරණ නියෝගයක් ලබා නොදුන් අතර රජයේ වෛද්‍ය සංගමයට මැයි 04 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.