FAST NEWS

24×7 Around the Globe

වත්කම් බැරකම් චෝදනාවේ වරදත් දුමින්ද පිළිගනියි…

වසර තුනකට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටීමේ චෝදනාවට නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (06දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

ඒ අනුව වරද පිළිගත් ඒ මහතාට රුපියල් තුන්දහසක දඩයක් නියම කිරීමට අධිකරණය තීන්දු කළේය.

මේ වනවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.