FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව නොසන්සුන්- හෙට දිනට කල් තැබෙයි..

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාලය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් වචන හුවමාරු හා නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවට හෙට(07) දිනට කල් තබා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට විනාඩි 30ක කාලයක් කථානායකවරයා විසින් ලබාදී තිබුණි.

එම කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරුණු අතර ඒ අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට දිනයට කල්තැබීමට තීරණය කරන ලදි.