FAST NEWS

24×7 Around the Globe

පස්වරු දෙකෙන් පසු ප්‍රදේශ රැසකට වැසි…

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට අද(06) පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනු ලැබීය.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි බවයි.

එමෙන්ම අකුණු අනතුරුවලින් ආරක්ෂාවීම සඳහා කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම් කරයි.