UPDATE: සේවක වර්ජනයෙන් පළාත් කිහිපයක විදුලිය බිඳ වැටෙයි..
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් පළාත් කිහිපයක විදුලි සැපයුම බිඳ වැටී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ සිය වර්ජනය හේතුවෙන් පළාත් කිහිපයක ස්වභාවික බිද වැටීම් යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකිවී ඇති බවයි.
විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වැඩ වර්ජනයක…
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කලේ ඊයේ (05) මධ්‍යම රාත්‍රී 12 සිට මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි.
එක්දින සංඛේත වැඩවර්ජනයක් ලෙස මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කල ද සිය ඉල්ලීම්වලට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට වුවද සූදානම් බව විදුලි සේවකයින් පැවැසීය.
කෙසේ වෙතත් වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් ද සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ය.
මේ අතර විදුලිය බිඳ වැටීමකින් තොරව ජනතාවට විදුලිය ලබාදීම සඳහා සියලු කටයුතු සැළසුම් කර ඇති බව විදුලිබල හා පුණර්ජණනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.








