FAST NEWS

24×7 Around the Globe

දවුල්ලෙන ඤාණිස්සර හිමියන්ගේ ආදාහන පුජෝත්සවය අද පැවැත්වෙයි..

අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.

ආදාහන පූජොත්සවයේ වැඩ කටයුතු පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ කිරීමට සැළසුම්  කර ඇති අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පුජෝත්ස්වය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

අපවත් වී වදාල අති පූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය නුගේගොඩ, ‍පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ තැන්පත් කර ඇති අතර දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1.00ට එම ස්ථානයෙන් පිටත්වීමට නියමිතය.