FAST NEWS

24×7 Around the Globe

අපරාධ නිවාරණ කොට්ඨාසය නමින් නවපොලිස් කොට්ඨාශයක්..

ශ්‍රී ලංකාව තුළ අපරාධ මැඩලීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය නමින් නව පොලිස් කොට්ඨාශයක් ආරම්භ කළබව පොලීස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සංවිධානාත්මක අපරාධ, අපරාධ කල්ලි මුල්වන අපරාධ විමර්ශනය, එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය, ගිණි අවි වලින් සිදුවන අපරාධ මැඩ පැවැත්වීම සඳහා මෙම කොට්ඨාශය පිහිටුවා තිබේ.

මෙම පොලිස් ඒකකය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත අපරාධ හා රථවානහ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අධීක්ෂණයට යටත්ව පිහිටුවා ඇත.

අපරාධ සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් පැය 24 පුරාම පහත පරිදි ලබාදිය හැකි බව පොලීසය කියයි.

(ADS)