FAST NEWS

24×7 Around the Globe

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට..

අද (05) අළුයම් කාලයේ කන්ටේනර් රථයක් පෙරලීයාම නිසා අවහිරව තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති බව පොලිසීය පවසයි.

අදාළ කන්ටේනර් රථය අධිවේගී මාර්ගයට නුවර පාරෙන් ප්‍රවිශ්ට වන තොරණ හංදිය විකල්ප මාර්ගය සමීපයේ අනතුරට ලක්ව තිබුණී.

කෙසේ වෙතත් අදාළ කන්ටේනර් රථය  මෙ වන විට මාර්ගයෙන් ඉවත් කර ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබූ එහි රියදුරු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද පොලිසීය පැවසීය.

(ADS)