FAST NEWS

24×7 Around the Globe

මාර්ග බලපත්‍ර නොමැති මගී බස්‌ රථ දඩය ලක්ෂ 02 යි – පාර්ලිමේන්තුවත් අනුමත කරයි..

මාර්ග බලපත්‍රයක්‌ නොමැති ධාවනය කරන මගී බස්‌ රථ සඳහා අය කෙරෙන දඩ මුදල රුපියල් දස දහසේ සිට රුපියල් ලක්‌ෂ දෙක දක්‌වා ඉහළ දැමීමේ පනත් කෙටුම්පතට ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමී විය.

අන්තර් පළාත්වල ධාවනය කරන බස්‌ රථ බොහෝමයකට නීත්‍යානුකූල බලපත්‍ර නැතැයි  ප්‍රවාහ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමීන් සඳහන් කළේය.

එසේම බලපත්‍ර නැතිව ධාවනය කිරීමේ වරදට මෙතෙක්‌ කලක්‌ අය කළේ රුපියල් දස දහසක දඩයක්‌ බවද, අදාළ දඩය ගෙවා නැවතත් ඒ වරදම සිදුකිරීම නිසා මෙසේ දඩ මුදල ලක්‌ෂ දෙක දක්‌වා වැඩි කිරීමට සිදුවු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණ කර සිටියේය.

(ADS)