FAST NEWS

24×7 Around the Globe

පුංචි ජන්දය තැබීමට භාෂා ත්‍රිත්වයෙන්ම ගැසට්පත්‍ර අවශ්‍යයි..

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම සඳහා නම් ආදළ සීමා නිර්ණ ගැසට් නිවේදනය භාෂා ත්‍රිත්වයෙන්ම ලැබිය යුතු බව මැතිවරණ කොමිමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

තමා වෙත ලැබී ඇත්තේ අදාළ ගැසට් නිවේදනයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් පමණක් බවද හෙතෙම පවසයි.

සීමා නිර්ණ ගැසට් නිවේදනයේ දෙමළ පිටපත මේ වන විට අන්තර්ජාලයට යොමු කොට ඇති නමුත් එය මුද්‍රණය කර අවසන් නොමැති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

(ADS)