FAST NEWS

24×7 Around the Globe

වටවල හා රොසැල්ල අතර දුම්රියක් පීලි පනියි..

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට බදූල්ල දක්වා ධාවනය වු විශේෂ දූම්රියක්  අද (04) පස්වරුවේ  වටවල හා රොසැල්ල දූම්රිය ස්ථාන දෙක පීළි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

එ අනුව පීළි පැනීමට ලක්වු දූම්රිය නැවත පීලිගත කරන තෙක් බදූල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන විශේෂ දූම්රිය හැටන් දූම්රිය ස්ථානය දක්වාත්, කොළඹ කොටුවේ සිට බදූල්ල බලා ධාවනය දූම්රිය වටවල දූම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එම දූම්රිය වල ගමන් ගන්නා මගින්ව බස් රථ වලින් දූම්රිය දෙක අතරට  මාරු  කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව හැටන් දුම්රිය ස්ථානය පවසයි.

(ADS)