FAST NEWS

24×7 Around the Globe

විමල් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යයි..

රජයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ යළිත් ඇප ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.

එ අනුව ඉදිරිපත් කෙරුණු ප‍්‍රතිශෝධන පෙත්සම අපේ‍්‍රල් මස 07වන දින සළකා බැලීම සඳහා අභියාචනාධිකරණයෙන් අද (04) නියම කළේය.

තමන්ට ඇප ලබා දීම සඳහා කොළඹ මහාධිකරණයේ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම නිෂ්ප‍්‍රභා කර ඇති බවත් එම නියෝගය සංශෝධනය කොට තමාට ඇප පිරිනැමිම සඳහා කටයුතු කරන ලෙසත් මෙම අදාළ පෙත්සම මගින් මන්ත‍්‍රීවරයා  ඉල්ලා තිබේ.

(ADS)