FAST NEWS

24×7 Around the Globe

හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සේවක වර්ජනයක්..

වැටුප් විෂමතා නිවැරදි නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සියලුම බලාගාර, කාර්යාල හා වැඩ බිම්වල විදුලි සේවකයන් තීරණය කර ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ පවසයි.

අදාළ වර්ජනය හේතුවෙන් ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලුම විදුලි සේවා කටයුතුවලින් ඉවත් වන බවද එම සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

(ADS)