FAST NEWS

24×7 Around the Globe

ජේ.ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ..

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වු ජේ.ආර් ජයවර්ධන මහතා ගේ පුත් 80 හැවිරිදි රවී ජයවර්ධන මහතා කොල්ලුපිටිය, කැපිටල් රෙසිඩන්සීස්  නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදී අද (03) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. (SAS) යුද පුහුණු ආයතනයේ හිටපු යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් “කීනි මීනි” ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.

(ADS)