රජයේ වාහන අවභාවිතයක් සම්බ්නධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම අද (03දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නැවත් වරක් ප්‍රතික්ෂේප කළේය.
දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්වය සලකා බලා විමල් විරවංශ මන්ත්‍රීවරයාට මොසමක් මගින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, එව වාර්තාවකින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙලෙස ඇප ලබා දීම ප්‍රතික්ෂේප විය.
නඩුවට අදාළව විත්තියේ නීතිඥවරුන් විසින් විශේෂ අයදුමක් කිරිමට නියමිත බවත් එම නඩුව සුළු මොහොතකින් යළි කැඳවීමට නියමිතය.
තමාට එරෙහිව දේශපාලන පළිගැනීමක් ඇති බව පවසමින් මන්ත්‍රීවරයා පසුගියදා දින නවයක් ආහාර ලබා නොගනිමින් උපවාසයක් ආරම්භ කර අතර පසුව ඔහු එය අවසන් කළේය.
(ADS)








