FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

හෙට (04) උදෑසන නවයේ සිට පසුදා (05) අලූයම 03 දක්වා කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට එළි හවුස් ජලාශයට ජලය සැපයෙන ප‍්‍රධාන ජල නළ පද්ධතියේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් මීට හේතුව බව සඳහන්.

ඒ අනූව බේස්ලයින් පාරේ කැළණි පාලම අසල සිට දෙමටගොඩ හන්දිය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවල සහ කොස්ගස් හන්දිය, ග‍්‍රෑන්ඞ්පාස්, මහවත්ත සහ තොටලග යන ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව්‍ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

(ADS)