FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී බැදුම්කර කොමීසම මාස 03 කින් දිර්ඝ කරයි..

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට හෙතෙම පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉකුත් ජනවාරි මස 27 වැනි දින මේ කොමිසම පත් කරන ලද්දේ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලදී යම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවී ඇත්දැයි සොයා බලා මාස තුනක් ඇතුළත කොමිසමේ නිර්දේශ සහිතව තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නියම කරමිනි.

එහෙත් කොමිසමේ විමර්ශන කටයුතු ඉතා පුළුල් පරාසයක් ඔස්සේ මෙහෙයවීමටත් දීර්ඝ සාක්ෂි විභාගයක් පැවැත්වීමටත් සිදුවීම නිසා එම කටයුතු මේ වනවිටත් සම්පූර්ණ කර ගත නොහැකිව ඇති බව කොමිසමේ සභාපතිවරයා ඉකුත් දා ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් තවත් මාස තුනක කාලයක් ලබා දෙමින් මෙලෙස කොමිසමේ නිල කාලය දීර්ඝ කර ඇත.

(ADS)