FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය මණ්ඩල සංශෝධන මෙම වසරේදි සිදු නොකෙරේ !

අප්‍රේල් මාසයේදී සිදුකරන බවට ප්‍රකාශ තිබුණු අමාත්‍ය මණ්ඩල සංශෝධන මේ වසර තුළ සිදු නොකිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟතාවකට පැමිණ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙරදී එකඟවී තිබුණී බවට තොරතුරු වාර්තා වුණී.

කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් අතර ඔවුන්ට ලබාදෙන අමාත්‍යාංශ පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකිවීම තුළ මෙලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුනොකිරීමට තීරණය කර ඇති බව වැඩි දුරටත්  වාර්තා වේ.

(ADS)