FAST NEWS

24×7 Around the Globe

ජල ගාස්තු වැඩි කිරීම ඇමති මණ්ඩල අනුමැතියෙන් පසුව..

ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වීමසිමට පත්කර ඇති ඇමැති මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ ලැබුණු පසු එය ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කෙරෙන තෙක් ජල ගාස්තු වැඩි කිරීමක් සිදුනොවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ජේ.ඒ. අන්සාර්  මාධ්‍ය වෙත පැවැසීය.

ජලය මුල් ඒකක 15ට දැනට අය කරන ගාස්තුවෙහි කිසිදු වැඩිවීමක් සිදු නොකෙරෙන බවත්, ජල ගාස්තු වැඩි කිරීම සිදුවන්නේ ඒකක 16 සිට ඉහළට බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

ජලය ලීටරයක් පිරිපහදු කිරීම සඳහා මණ්ඩලය රුපියල් 48ක් වැය කරන බවත් පාරිභෝගික ජනතාවට ජලය ලීටරයක් සපයන්නේ රුපියල් 12ක් වැනි අඩු මුදලකට බවත් අන්සාර් මහතා පැවැසීය.

මේ අතර ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී ජල බිල වැඩි කිරීමට සිදුවන බවයි.

(ADS)