ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමිපාණන් අද (03) අලූයම අපවත් වුහ.
අපවත්වන විට උන්වහන්සේ 101 වන වියේ පසුවුහ.
බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙණදී 1915 දෙසැම්බර් මස 31 වනදා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු මස 8 වනදා පැවිදි දිවියට පිවිසියේ පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමියෝ, 2002 වසරේදි අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූහ.
(ADS)








