FAST NEWS

24×7 Around the Globe

‘විදුලිබල මණ්ඩලයේ වැටුප් ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ලබා දෙනවා…’

අගෝස්තු මාසය වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ලබා දෙන බව විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වර්ජන උද්ඝෝෂණ අවශ්‍ය වන්නේ නිග්‍රහශිලී පුද්ගලයින් අවධි කිරීමට බැවින් තමා සෑම අවස්ථාවකම සේවක  ගැටළු සම්බන්ධයෙන් අවධියෙන් සිටින බවයි.

කොළඹ නව නගර ශාලාවේ ඊයේ(31) පැවති ලංකා විදුලි බල මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වෙමින් රංජිත් සිඹලාපිටිය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.