FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා තුනක ඡන්දය දෙසැම්බර් මාසයේ…

සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්දය මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත් සභා ඡන්දය 2012 සැප්තැම්බර් මාසයේ පැවැත්වූ අතර 2017 සැප්තැම්බර් මාසය වනවිට එහි කාල සීමාව අවසන් වේ.

ඒ අනුව දෙසැම්බර් මාසයේදී මෙම පළාත් සභා තුනෙහි මැතිවරණය පැවැත්වෙනු ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළාත් ප්‍රධාන ඇමැතිවරුන් සමග ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී දැනුම් දී තිබිණි.

(ADS)