FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ඡන්දය කඩිනම් කරන්න බලධාරීන්ට වුවමනාවක් නෑ..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමේ වුවමනාවක් බලධාරීන්ට නොමැති බව සීමානීර්ණ අභියාචනා විමර්ශන කමිටුවේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා, රාජ්‍ය සේවකයෝ සංවිධානය මෙහෙයවන ‘රාජ්‍ය සේවය කා සඳහාද“ යන මැයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පැවසීය.

පළාත් පාලන පනතෙහි සංශෝධන කිහිපයක් සිදු කළ යුතුව තිබුණ ද එය සිදු කිරීමට මෙතෙක් රජය කටයුතු නොකරන බවත්, එලෙස සංශෝධන නොකර පළාත් පාලන ඡන්ද විමසීමක් සිදු කළ නොහැකි බව ද අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

(ADS)