FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියා හිටපු ජනපතිනියට අත්අඩංගුවට ගැනේ..

දකුණු කොරියාවේ සිදුවූ බවට පැවසෙන දූෂණ වංචා චෝදනා වලට ඇති සම්බන්ධතාවය හේතුවෙන් එරට හිටපු ජනපතිනි Park Geun-hye ව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සඳහා අධිකරණ අනුමැතිව හිමිවීමත් සමග ඇයව සෝල් අගනුවරට දකුණින් පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් කරා කැඳවාගෙන ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

විශාල සමාගම් වලින් බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට සඳහා සිය සමීප මිතුරිය වන Choi Soon-sil හට අවසර ලබාදීම සම්බන්ධයෙන් ඇය චෝදනා ලබා සිටියි.

කෙසේ වෙතත්, ඇය විසින් තමාට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

(ADS)