FAST NEWS

24×7 Around the Globe

හිටපු රිවිර කතෘට පරහදුන් සිද්ධියට බුද්ධි මේජර් රිමාන්ඩ්..

රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධයෙන් අද (31) අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත මහතා ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේජර් බුලත්වත්ත මහතා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට පළමු සැකකරු බවත් ඔහු මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

(ADS)