FAST NEWS

24×7 Around the Globe

රණවිරු ප්‍රශ්න විසඳීමට කඩිනම් ක්‍රියා මාර්ග ගන්නවා..

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන්කළ රණවිරුවන්ට ඇතිව තිබෙන ප්‍රශ්න විසඳීමට තම රජය ඉතා කඩිනම්ව ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ සඳහා වෙනත් පාර්ශ්වයන්ගේ මැදිහත් වීමක් අවශ්‍ය නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29දා) සඳහන් කළේය.

විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියද ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ අයිතීන් මෙන්ම, රණවිරුවන් ආරක්ෂා කරගනිමින් රට ඉදිරියට ගෙනයන බව හෙතෙම අවාධාරණය කළේය.

මිලියන 245ක වියදමින් ඉදිකරන ලද ‘විරුදරු පියස’ ගොඩනැගිල්ල, පරිගණක විද්‍යාගාරය හා ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

(ADS)