FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශ වෙනස් කලා – නි.අධිපති

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශ වෙනස්‌ කිරීමට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මැදිහත් වූ බවත් මීට පෙර කිසිම මහ බැංකු අධිපතිවරයෙක්‌ එම තීරණ වෙනස්‌ නොකළ බවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්‌ඩල සභාපති පී. සමරසිරි මහතා ඊයේ (28 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්‍ෂි දෙමින් පවසා සිටියේය.

බැඳුම්කර නිකුත් කිරීමේ සෘජු ක්‍රමය මහ බැංකුව විසින් තාවකාලිකව අත්හිටවූ බවට මුදල් මණ්‌ඩල සාකච්ඡා සටහන් තමන් සංශෝධනය කළ බවත් එසේ කළේ එම ක්‍රමය ස්‌ථීරව නතර කිරීමට මුදල් මණ්‌ඩලය විසින් ගත් තීරණයක්‌ නොතිබූ නිසා බවත් හෙතෙම සඳහන් කළේය.

උදේ 10.00 ට යළිත් අද (29 දා) රැස්වු අතර අද දින සාක්‍ෂිදීම සඳහාද මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා කැඳවා ඇත.

(ADS)