FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතනයට යොදාගත් වෑන් රථය හමුවෙයි !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරිමට හා මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැරගෙන යෑමට යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පිළියන්දල ප්‍රදේශයේ කාන්තාවකගේ සන්තකයේ තිබී සොයාගත් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු යුද හමුදාවේ මේජර්වරයෙකුගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබියදී මෙම වෑන් රථය සොයාගෙන ඇති බවත් එය අපරාධ රැසකට යොදාගෙන ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(ADS)