FAST NEWS

24×7 Around the Globe

එකම දිනයක් තුළ සතොස අලෙවිසැල් 52 ක් විවෘත කෙරේ…

උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩු මීලට පාරිභෝගිකයින් වෙත ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප්‍රථම අලෙවි සැල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.

අනුව මේ හා සමගාමීව ලංකා සතොස අලෙවිසැල් 52 ක් දිවයින පුරා විවෘත කිරීම ඊයේ දිනයේදී සිදුකෙරිණි.

මේ අනුව දැනට දිවයින පුරා ලංකා සතොස අලෙවි සැල් 380 ක් පවතින අතර මෙම වසර අවසාන වන විට එය 500 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්, අමාත්‍ය මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ලංකා සතොස සභාපති ටී.එම්.ඩී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ADS)