FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන පිළිබඳ ගැසට්ටුව අද..

දිස්ත‍්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව ප‍්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය අද (29) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එ අනුව තමන් අද දිනයේදී අදාළ ගැසට් නිවේදනයට අත්සන් තැබීමට නියමිත බව හෙතෙම පැවසීය.

මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව නිර්ණය කරනුයේ අදාළ දිස්ත‍්‍රික්කයේ භූමි ප‍්‍රමාණය සහ වාර්ෂිකව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව සංසන්දනය කිරීමෙනි.

(ADS)