FAST NEWS

24×7 Around the Globe

හෙට සිට යළි ඩෙංගු සතියක් – මාස තුනට මරණ 40 ක්..

දිවයින පුරා ඩෙංගු රෝගය මේ වනවිට පැතිර යමින් පැවතීම හේතුවෙන් මේ මස 29 වෙනි දින සිට යළිත් වරක් දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ ගතව ගිය මාස තුන ඇතුළත ඩෙංගු රෝගීන් 24562 ක් වාර්තා වී ඇති අතර, ඉන් 40 දෙනෙකු මරණයට පත්වී තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක ‘ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක’ ලෙස නම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(ADS)