FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැන සතියකින් විසදුම් ඕනෑ – ආණ්ඩුවට GMOA රතු එළි දල්වයි..

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) සම්බන්ධව උද්ගතව තිබෙන සයිටම් නොදුන්නොත් අප්‍රේල් මුල් සතියේ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්‌ ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණයන් ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා පීඨාධිපතිවරුන් තීරණයට එළඹ ඇතැයිද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

1. සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට්‌ කිරීම හා වෛද්‍ය සභාවේ තාක්‍ෂණික වාර්තාවට නෛතික භාවයක්‌ ලබාදීම.

2. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා සයිටම් වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය නොලබා ඇති බව අධිකරණයට දැනුම් දීම.

3. සයිටම් ආයතනය විසින් තවදුරටත් සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීම.

4. මෙම ආයතනය හරහා වැඩිදුරටත් උපාධි ප්‍රදානය කිරීම වහාම නතර කිරීම.

5. දැනට මෙම ආයතනය තුළ ඉගෙන ගනු ලබන සිසුන් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක්‌ ලබා දීමට කමිටුවක්‌ පත් කිරීම ආදියයි.

(ADS)