FAST NEWS

24×7 Around the Globe

මහින්ද දේශප්‍රිය හා පක්ෂ ලේකම්වරු අතර විශේෂ හමුවක්..

ලියාපදිංචි දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ හෙට (29) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමීතව තිබේ.

දිගින් දිගටම කල් යන පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳවත් ඉදිරියේදී නිල කාලය අවසන් වන පළාත් සභා මැතිවරණය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය හා මැතිවරණවලට අදාළ කරුණු කිහිපයක්‌ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් හා නිලධාරීන් සියලු දෙනාත් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන නියෝජිතයනුත් මෙම අවස්‌ථාවට සහභාගිවීමට නියමිත බව සඳහන්.

(ADS)