FAST NEWS

24×7 Around the Globe

සම්බන්ධන්ට TNA නායකත්වය අත් හරින්නැයි කියයි..

දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම් ලබාදීමට මේ වන තෙක් කටයුතු නොකිරීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන (ටී.එන්.එ) නායකත්වයෙන් ආර්. සම්බන්ධන් ඉවත් විය යුතු බව ඊ.පි.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා තිබේ.‍

සම්බන්ධන් විසින් දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදී වත්මන් ආණ්ඩුවට පක්ෂග්‍රාහිව කටයුතු කරන බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  පෙන්වා අවාධාරණය කරයි.

ඊ.පි.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන සංවිධාන එකතුවෙන් දෙමළ ජාතික සන්ධානය ගොඩ නගා තිබේ.

කෙසේ වෙතත් ආර්. සම්බන්ධන් පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානය හෝ ප්ලොට් සංවිධානය මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

(ADS)