අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග අද (27) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.
දුම්රිය රියදුරන්ගේ වැටුප් විශමතා ඉවත් කිරීම සඳහා හෙට(28) දිනයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවට ප්‍රවාහන අමාත්‍යවරයා දුම්රිය රියදුරන්ට පොරොන්දුවක් ලබා දුන් බවත් එ අනුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා මාධ්‍ය වෙත පැවසීය.
+++++++++++++++++++(update)








