FAST NEWS

24×7 Around the Globe

ඉදිරි මැතිවරණ පිළිබඳ තීන්දු තීරණ ගැනීම මාර්තු 29 වැනිදා..

ඉදිරි මැතිවරණ පිළිබඳ තීන්දු තීරණ රැසක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කැඳවන නිත්‍ය නියෝජිත රැස්වීම මාර්තු මස 29 වැනි දින රැස්වීමට නියමිත අතර එදින ට නියමිත බව වාර්තා වේ.  

ඒ අනුව ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය කල්යාම පිළිබඳව හා ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම නිත්‍ය නියෝජිත කමිටුවේදී තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

මීට අමතරව සැප්තැම්බර් මාසයේදී නිලකාලය අවසන් වන නැගෙනහිර, උතුරුමැද, සබරගමු පළාත් සභා 03හි මැතිවරණය පැවැත්වීම පිළිබඳවත් විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමටත් නියමිතෙ බවද වාර්තා වේ.

මෙම නිත්‍ය නියෝජිත කමිටුවට මැතිවරණ කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා තෝරාගත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් ඇතුළත් වේ.

(ADS)