FAST NEWS

24×7 Around the Globe

ජනපති යළිත් දිවයිනට…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු සංචාරය අවසන් කර අද (25) පස්වරුවේ යළි දිවයිනට පැමිණෙන ලදි.

දින තුනක කාලයක් ජනාධිපතිවරයා  රුසියාවේ සංචාරය කල අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ 60 වසරක රුසියානු – ශී‍්‍ර ලංකා සබඳතා තවත් ඉදිරියට ගෙන යාමට මිත‍්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කර ගනිමින් මෙම සංචාරය නිමා වූ බවයි.

එසේම වසර 43ක ට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙයයි.