FAST NEWS

24×7 Around the Globe

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජනතා පෙත්සමට අත්සන් ගැනීම ඇරඹේ…

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජනතා පෙත්සම සඳහා අත්සන් ලක්ෂ 25ක් ලබා ගැනීමේ වැඩපිළිවෙළ අද (24) ආරම්භ කෙරුණු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැවැසීය.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තහනම් කිරීම, සරසවි බඳවා ගැනීම් ඉහළ දැමීම සහ පාසල් තුළ සිදු කරන මුදල් අය කිරීම් නැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම පෙත්සමෙන් ඉදිරිපත් කර තිබේ.