FAST NEWS

24×7 Around the Globe

දින හතරකට පොලිස්පති තනතුරේ වෙනසක් සිදුවෙයි…

දින හතරක කාලයක් සඳහා වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මැලේසියාවේ පැවැත්වෙන රාජකීය මැලේසියානු පොලිස් දිනය සැමරීමේ සමුළුවට එක්වීමට සඳහා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන් මෙසේ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කර තිබේ.

පූජිත් ජයසුන්දර මහතා අද (24දා) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.