FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් ආරම්භ කළ උපවාසයට අදට දින තුනයි…

වැලිකඩ බන්ධනාගාර උපවාසයක යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ(23) දින පස්වරුවේ සිට ජලය පානය කිරීමද ප්‍රතික්ෂේප කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව මන්ත්‍රීවරයා ඊයේ(23) පස්වරුවේ සිට කිසිවකු හමුවීමද ප්‍රතික්ෂේප කර ඇති අතර පසුගිය 21 වැනිදා පෙරවරුවේ සිට වීරවංශ මන්ත්‍රීවරයා ආරම්භ කළ මෙම උපවාසයට අදට දින තුනක් ගත වී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසුමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා රෝහල්ගත කිරීමට තරම් අවශ්‍යතාවක් නොමැති බවයි.